දැන් ආපහු මාතෘකාවට…
ඡායාරූපය ගූග්ල් හරහා ගත්තෙමි.
ඕන කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්ද? එක එක්කෙනා ලඟ එක එක උත්තර ඇති. ඒත් මන් ලඟ තියෙන්නෙ එක උත්තරයයි. පුලුවන්.
ස්වයංක්රීය යෙදවුම (Auto Mode) සහිත කැමරාවක් තියෙනවා නම්, ඒකෙ ද්වාර ස්විචය (Shutter
Release Button) ඔබන්න දන්නවා නම් ඕනෙ කෙනෙකුට
ෆොටෝ ගන්න පුලුවන්. අද වෙනකොට කැමරාව සහිත ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්.
ඉතින් දුරකතනයේ තියෙන කැමරාවෙන් හැමෝම ෆොටෝ ගන්නවා නම් ඕනෙම කෙනෙකුට ෆොටෝ ගහන්න බැරි
නැහැ. පුලුවන්…..
නමුත්,
ෆොටෝ එකක් (ඡායාරූපයක්) ගැනීම සහ ඡායාරූපකරණය කියන්නෙ කාරණා දෙකක්… හැමෝම
ෆොටෝ ගත්තට හැමෝටම ඡායාරූපකරණයේ යෙදෙන්න නම් බැහැ.